අගෝස්තු 07, 2020
tami eng youtube  twitter facebook
    logo

    සෞඛ්‍ය ගැටලුව රජය සමග නොව වෘත්තීය සේවා අතරයි Featured

    අප්‍රේල් 30, 2014
    මේ දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ රජය සමග නොව වෘත්තීය සේවාවන් අතර පවතින්නක් බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳගත හැකි බව විශ්වාස කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පවතින්නේ වෘත්තීන් අතර තාක්ෂණික ගැටලුවක් බවත් එය සාකච්ඡා මාර්ගයට වඩා ඒ සඳහා විසඳුම් ලබාදිය හැක්කේ තාක්ෂණික කමිටුවට බවත් පැවසීය.
     
    සෞඛ්‍ය වෘත්තීය සමිතීන් සමගින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවත් සෑම අවස්ථාවකදීම ඉල්ලීම් ලබාදී ඇති බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා වෘත්තීන් අතර පවතින ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා වෘත්තීය සමිති කැඳවා ඇති බවත් ඒ සඳහා ද කඩිනම් විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya