අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ හොල්ලන්න පුළුවන් වෙලාවේ විපක්ෂය උදාසීන වෙලා Featured

    අප්‍රේල් 30, 2014
    ආණ්ඩුවට විවිධ චෝදනා එල්ලව පවතින මේ අවස්ථාවේ දී කොළඹ හොල්ලමින් මැයි රැලියක් පැවැත්විය හැකි මේ අවස්ථාවේ දී විපක්ෂය නායකයෙකුද නොමැතිව කොළඹින් පිටත ඉතා උදාසීන මැයි රැලියක් සංවිධානය කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන මෙවර මැයි රැලිය සඳහා සියලු කටයුතු සූදානම් බවත් මෙවර රැලිය සාර්ථකම මැයි රැලිය බවට පත්වන බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.
     
    "ආසන හා ගම් මට්ටමින් අති විශාල ජනකායක් මැයි රැලියට සහභාගිවීමට අපේක්ෂාවෙන් පසුවනවා. අපට මේ මොහොතේ ඇති එකම ප්‍රශ්නය අති විශාල ජනතාවකට ප්‍රවාහන පහසුකම් සැපයීමේ කාර්යයයි. අති විශාල ජනකායක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මැයි රැලිය සඳහා සහභාගිවීමෙන් රජය සමග අති විශාල ජනතාවක් එක්රැස්ව සිටින බව ඔප්පු කොට පෙන්වනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් අති විශාල ජනතාවක් මේ සඳහා සහභාගිවීමට නියමිතය". 
     
    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තරම් කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වෙනත් නායකයෙකු නැහැ. එදා සිට අද දක්වා රාජ්‍ය නායකයා ලෙසින්ද එම කටයුතු සඳහා සම්බන්ධව කටයුතු කරනවා. රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශ සේවකයන්ටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ විශ්වාසයක් පවතිනවා. මේ ආණ්ඩුව රාජ්‍ය සේවය ශක්තිමත් කළ ආණ්ඩුවක්. 
     
    රජය සමග බහුතර ජනතාවක් එක්ව සිටින බැවින් මැයි රැලිය සාර්ථකත්වයට පත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya