අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩකරන ජනතාවට වැඩිම වරප්‍රසාද දුන්නේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන රජයයි Featured

    අප්‍රේල් 30, 2014
    ඉතිහාසයේ සිට වැඩකරන ජනතාව වෙනුවෙන් වැඩිම වරප්‍රසාද ලබාදීමේ කාර්යය ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ කම්කරු අයිතීන් සමබන්ධයෙන් ඉතා උදාසීන බවක් දැක්වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී වැඩකරන කිසිවෙකුත් රැකියාවලින් නෙරපා නොදැමූ බවත් පෙන්වා දුන්නේය.
     
    මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැලිය "මව්බිම රැකගමු - නිදහස සුරකිමු" තේමාවෙන් හෙට දහවල් 12.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ආරම්භව ලිප්ටන් වටරවුම - ඩීන් පාර - මරදාන - බොරැල්ල හරහා පස්වරු 3.00 පමණ වන විට බොරැල්ල කැම්බල් පිටියට ළඟාවීමට නියමිතය. 
     
    විපක්ෂයට කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉතා සාර්ථක මැයි රැලියක් පැවැත්විය නොහැකි නිසා කොළඹින් පිට නැගෙනහිර පළාතේ පවත්වන බව පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා විපක්ෂය එවන් තත්ත්වයක සිටියදී සන්ධානය ඉතා සාර්ථක මැයි දින රැලයක් පැවැත්වීමට සියල්ල සූදානම් කොට ඇතැයි ද පෙන්වාදුන්නේය.
     
    "වෘත්තීය සමිති හා වැඩකරන ජනතාවට අපේ මැයි රැලිය අතරතුරදී සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා කොට දී තිබෙනවා. ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් වූ යෝජනා 05ක් මෙහිදී සම්මත කරගැනීමට ද කටයුතු යොදා ඇත. වැඩකරන ජනතාව සමග එක්ව මෙම දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කොට අවසන්". 
     
    නිදහස් සමාජයක වැඩකරමින් වේගවත් ආර්ථිකයක් හිමිකරගනිමින් යන මේ මොහොතේ දී එල්ටීටීඊ සංවිධානය යළි නැගී සිටින්නට උත්සාහ ගන්නා බවත් ආරක්ෂක අංශයේ සහයෝගයෙන් එය මැඬපවත්වාගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    රටට එල්ලව ඇති යෝජනා ප්‍රතික්ෂේප කරමින් රටක් වශයෙන් ලෝකයටම පණිවුඩක් ලබාදීමට මෙවර මැයි දින තේමාව එක්කරගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya