අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් අමාත්‍යවරයාගේ මැයි දින පණිවිඩය

    මැයි 01, 2014

    2014 මැයි දිනය වෙනුවෙන් දේශ සීමා මායිම් නොතකා වැඩ කරන ජනතාවට ලංකා කම්කරු කොංග්‍රසය සමඟ එක් වි සිටින සිට දස දහස් ජනතා‍ව හට මා සහ ලංකා කම්කරු කොංග්‍රසය උණුසුම් සුභ පැතුම් පිරි නැමීමට කැමැත්තෙමි.

     


    මැයි දිනය ආරම්භ කරනු ලැබු දිනයේ සිට මේ දක්වා ලෝක කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමින් විසින් මුහුණ දෙනු ලැබු අතිමහත් දුෂ්කරතා සහ ලබා ගන්නා වු ජයග්‍රහණයන් සනිටුහන් කරන ලබන දිනයයි. ශ්‍රී ලංකාවේ දි ලංකා කම්කරු කොංග්‍රසය විසින් ඒ සඳහා උපරිම දායකත්වය ලබා දී ඇත.

     ලංකා කම්කරු කොංග්‍රස් 74 වන මැයි දින පණිවිඩයෙන්  ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම් සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනමේ යාවජීව  සාමාජික පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා මෙසේ ප්‍රකශ කරයි.


    ලෝක වාසි සියලු ම වැඩ කරන ජනතාව විසින් සමරනු ලබන මෙම මැයි දිනය මේ වරත් අප අපේක්ෂා සහගතව  සමරන්න බලාපොරොත්තු වෙනවා.වැවිලි අංශයේ වැඩ කරන ජනතාවගේ මුලික එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන් ,අයිතින් ,සේවාමුර යනා දී සියලු ම කටයුතු සාර්ථක ලෙස ඉෂ්ඨ කර ගැනිමට මෙම මැයි දිනයේ දි අදිටන්  කර ගනිමු.

    මෙම මැයි දින පණිවිඩයේ අමාත්‍යතුමා තවදුරටත් පවසා සිටින්නේ “ලංකා කම්කරු කොංග්‍රස් ඉතිහාසයේ මැයි දින 73ක් අද වන විට සමරා තිබෙනවා. එබැවින් මෙම මැයි දිනයේ දිත් කම්කරු ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට අපි ඇප කැප වී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
    ලංකා කම්කරු කොංග්‍රසය විටින් විට රජය මගින් කදුකර ජනතාවගේ ඉල්ලීම් හා අවශ්‍යතා ඉටු කර දී තිබෙනවා. මේවා වෙන කිසිම පාර්ශවයක් කර නැහැ. අපි මේ ගැන ඉතා ආඩම්බරයෙන් මතක් කර සිටිනවා.

    අද කඳුකර ජනතාව සියලු ම අංශවලින් දියුණුවට පත්වෙමින් සිටිනවා. කාලයේ වෙනස් වීමත් සමගම අපගේ අවශ්‍යතා පුළුල් වෙනවා. නව ඉල්ලීම් ඉදිරිපත් කිරිමට සිදු වී තිබෙනවා. ඒ නව ඉල්ලීම් ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න, ඔවුන්  මුහුණ  දෙන මුලික අවශ්‍යතා තියෙනවා. අපි  විවිධ වැඩසටහන් අරම්භ කර තිබෙනවා. තවත් ඒවා ක්‍රියාත්මක කරමින් පවතිනවා.

    විශේෂයෙන් කඳුකරයේ ජනතාවගේ ආර්ථීක ගැටලු නිසා එදිනෙදා ජීවිතයේ දි ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
    තව ද මෙවර ලංකා කම්කරු කොංග්‍රස් මැයි රැස්වීම හා  පෙළපාළිය බණ්ඩාරවෙල නගරයේ පැවැත්වීමට නියමිතයි.


    වැඩ කරන ජනතාව වෙනුවෙන් සමරනු ලබන 74 වන මැයි දින‍යේ අප සියලු ම දෙනා එක් රැස් වී වැඩ කරන ජනතාවට මාගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා යැයි අමාත්‍යවරයා තවදුරටත් සිය මැයි දින පණිවිඩය මගින් පෙන්වා දෙයි.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya