අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය සිය අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කරයි Featured

    මැයි 01, 2014

    කඳුකරය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගොවීන්ට මුහුණ දීමට සිදුව ඇති ප‍්‍රධානත ම ගැටලුව වන තම කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ ගැටලුවට විසඳුම් ලබා දෙනු වස් ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය සිය අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

     



    ඒ අනුව මෙම අලෙවිසැල් හරහා එළවළු, පලතුරු, මල් පැළ, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන සහ රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කෘෂි නිෂ්පාදන ගෙවීන්ගෙන් මිල දී ගෙන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.

     

    මෙහිදී මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, අම්පාර, කළුතර සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට අම්පාර සහ මහනුවර දිස්ත‍්‍රික්කවල මෙම අලෙවිසැල් ආරම්භ කර ඇති අතර, මේ වසරේදී මාතලේ, කුරුණෑගල, කළුතර සහ මාතර යන දිස්ත‍්‍රික්කවල අලෙවිසැල් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය අපේක්ෂා කරයි.
     

    මෙම වසර තුළදී රුපියල් මිලියන 110ක කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය සැලසුම් කර ඇති අතර, මේ වන විට රුපියල් මිලියන 21ක කෘෂි නිෂ්පාදන මිලදී ගෙන ඇත. එය ආයතනයේ ඉලක්කගත මිලදී ගැනීම්වලින් 20٪ක ප‍්‍රතිශතයක් බව ශ‍්‍රී ලංකා හදබිම් අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා පවසයි.

    මෙම අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීම තුළින් තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව සිටින ගොවීන්ට විශාල සේවාවක් ඉටුවන බව සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya