අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමාගේ මැයි දින පණිවිඩය

    මැයි 01, 2014

    ලෝකයේ වැඩකරන ජනතාව සමඟ සහෝදරත්වයෙන් එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන සමස්ත ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාවට ශුභ පැතීමට අවස්ථාවක් ලැබීම අතිශය සතුටට කරුණකි.සියලු ජාතීන් එකමුතුකම තහවුරු කිරීමේ සහ මිත්‍රත්වයෙන් එකිනෙකා අත්වැල් බැඳගන්නා මහඟු අවස්ථාවක් එළඹෙන මෙම මැයි දිනය සියලු ජාති, ආගම් භේද, කුලමල භේද පසෙකලා වැඩ කරන ජනතාවගේ එකමුතුකම ප්‍රදර්ශනය කෙරෙන සුවිශේෂී දිනයක් ලෙස ඉතිහාස ගත වී ඇත.

     



    පටු දේශපාලන අපේක්ෂා හා කම්කරු ජනතාව අගාධයට ඇද දමන විවිධ වේශයන්ගෙන් පැමිණෙන ආත්මාර්ථය මුල් කරගත් කුමන්ත්‍රණ පරාජය කිරීමට මෙම අවස්ථාව උපයෝගි කොට ගත හැක.
     

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි වැඩ කරන ජනතාව තබා ඇති විශ්වාසය තුළින් සීග්‍ර සංවර්ධනයක් කරා පිය නගන ශ්‍රී ලංකාවේ අනාගතය සෞභාග්‍යමත් කර ගැනීමටත්, කම්කරු ජනතාවගේ ඩහදිය, ලේ, කඳුළු මතින් ලබා ගත් කම්කරු අයිතීන් සුරක්ෂිත කර ගැනීමටත් මෙම මැයි දිනය උපයෝගි වේවායි! ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

    දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya