මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවය මැයි 04

    අප්‍රේල් 30, 2014

    ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය (Green building Council of Sri Lanka) විසින් සංවිධානය කෙරෙන හරිත ඉදිකිරීම් සම්මාන 2013 (Green building Awards 2013) සම්මාන ප්‍රදානෝත්සවය පරිසර හා පුනර්ජනනීය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 04වන දින පස්වරු 4.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    පරිසර හිතකාමී අයුරින් ඉදිකිරීම් කටයුතු සිදු කරන්නන් අගය කිරීම සඳහා ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය මඟින් ප්‍රථම වරට මෙම සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙහිදී ප්‍රධාන වශයෙන් කාණ්ඩ 04ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය මගින් අනුගත වූ සංවිධාන ඇගයීම, හරිත ඉදිකිරීම් සඳහා ක්‍රමෝපායන් සලසන ආයතන ඇගයීම, හරිත ඉදිකිරීම් සඳහා පුරෝගාමී වූ ව්‍යවසායකයින් ඇගයීම හා හරිත ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන් ඇගයීම ඒ අතර වේ. මේ වසරේ දී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, හැටන් නැෂනල් බැංකුව ඇතුළු සංවිධාන 07ක් තරග වදින අතර රන්, රිදී හා ප්ලැටිනම් යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය සිදුවේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya