සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේ වැසි ඇති වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක Featured

    ජනවාරි 07, 2015

    ඉදිරි දින කිහිපයේ දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද (07) උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව කෙසේ වෙතත්, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය   


    කොළඹට ගාල්ලට සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    අනුරාධපුරයට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    මහනුවරට නුවරඑළියට රත්නපුරයට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් සහ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය   


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

     

    මි.මී. 5.3ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 2.5ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 7.5ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 4.2ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 5.1ක වර්ෂාපතනයක් කටුනායකින් ද වාර්තා වී ඇති අතර අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.4°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.6°C නුවරඑළියෙන් ද මි.මී. 40.0ක උපරිම වර්ෂාපතනය කුකුළේ ගඟ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya