සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇතිවීමේ හැකියාව තව දුරටත් අඩු මට්ටමක Featured

    ජනවාරි 06, 2015

    අද (06) දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාව තව දුරටත් අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව කෙසේ වෙතත්, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.

     

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    කොළඹට මහනුවරට නුවරඑළියට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් සහ යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    ගාල්ලට රත්නපුරයට තැනින් තැන වැසි සහ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4°C නුවරඑළියෙන් ද මි.මී. 9.6ක උපරිම වර්ෂාපතනය දෙනියාය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya