සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසරේ පළමු පාසල් වාරය අද සිට

    ජනවාරි 05, 2015

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සිදු කරන පාසල් 68 සහ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිත පාසල් හැර අනෙකුත් සියලු ම පාසල් අද (05) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    ජනාධිපතිවරණ රාජකාරී සඳහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙන් ම පාසල් ගොඩනැගිලි රැසක් යොදා ගැනීමට නියමිතය. එම නිසා ලබන 07, 08 සහ 09 දිනයන් හි සියලු ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබෙනු ඇත.

    අද ඇරඹෙන නව පාසල් වාරය හෙට (06) පාසල් පැවැත්වීමෙන් පසු යළි ආරම්භ වන්නේ ජනවාරි 12 වැනිදා ය.  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් සිදුකෙරෙන පාසල්වල පළමු වාරය ද විවෘත කෙරෙන්නේ ජනවාරි 12 වෙනි දිනයි.

    මේ අතර අතිඋත්තම පළමු වැනි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා යොදා ගනු ලබන පොලිස් නිලධාරීන්ට නේවාසික පහසුකම් ලබා දෙන පාසල් 48ක් ජනවාරි 11 සිට 15 දින දක්වා වසා තැබෙන අතර එම පාසල් විවෘත කෙරෙන්නේ ජනවාරි 16 වෙනි දින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya