සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ සීතල ඉහළට - පළාත් කිහිපයකට පස්වරුවේ වැසි Featured

    ජනවාරි 04, 2015

    අද (04) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    මඩකළපුවට රත්නපුරයට ත්‍රිකුණාමලයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    අනුරාධපුරයට කොළඹට ගාල්ලට නුවරඑළියට මහනුවරට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    අද උදෑසන 05.30 වනවිට නුවරඑළියේ උෂ්ණත්වය 8.4°C දක්වා පහත වැටුණු අතර ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.7°Cක් නුවරඑළියෙන් වාර්තා විණි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C අනුරාධපුර සහ රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 11.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් වාර්තා වී ඇති අතර අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.7°C නුවරඑළියෙන් ද මි.මී. 11.0ක උපරිම වර්ෂාපතනය බණ්ඩාරවෙල ඩයබරා වත්ත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya