සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ආපදා නිසා දිවයිනේ 1136627ක් ආපදාවට Featured

    දෙසැම්බර් 30, 2014

    දිවයිනට බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති ව තිබෙන ගංවතුර හා ජල ගැලීම්වලින් ද නායයෑම්, ඉවුරු කඩාවැටීම්, දැඩි වර්ෂාව නිසා ද ඊයේ (29) පස්වරු 6.00 වනවිට පවුල් 316,511ක සාමාජික සාමාජිකාවන් 1,136,627 දෙනෙකු ආපදාවලට ලක් ව තිබෙන අතර 914,790ක් වන වැඩිම ආපදාවලට ලක් වූ පිරිස වාර්තා වී ඇත්තේ නැඟෙනහිර පළාතෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා රජයෙන් රුපියල් මිලියන 500ක මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට වෙන්කර දී තිබේ.

     

    දකුණු, බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු, මධ්‍යම, වයඹ, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වලින් ආපදාවට ලක් වූවන් වාර්තා වන අතර ජීවිත හානි 30ක් ද තුවාලකරුවන් 20ක් හා අතුරුදහන් වූවන් 6ක් ද වාර්තා වේ.

     

    නිවාස 4911ක් පූර්ණ වශයෙන් හානියට පත් ව ඇති අතර නිවාස 15181කට අර්ධ හානි සිදු ව තිබේ. ඊයේ පස්වරු 6.00 වනවිට ආරක්ෂිත ස්ථාන 621ක පවුල් 33915ක 117544 දෙනෙකුට නවාතැන් සලසා දී තිබේ.
     
    ජලයෙන් යටවීම නිසා නිවාසවලින් ඉවත්කළ ජනතාවට පිසූ ආහාර හා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නොකඩවා සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya