සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයක තැනින් තැන වැසි Featured

    දෙසැම්බර් 30, 2014

    අද (30) උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට කොළඹට ගාල්ලට රත්නපුරයට නුවරඑළියට මහනුවරට වරින්වර වැසි ඇති වේ.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට මන්නාරමට වැසි කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C කොළඹ, ගාල්ල සහ මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 8.1ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 7.3ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 5.8ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 5.5ක වර්ෂාපතනයක් කටුනායකින් හා නුවරඑළියෙන් ද මි.මී. 17.7ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද මි.මී. 3.2ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 2.1ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.2°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.6°C නුවරඑළියෙන් ද මි.මී. 93.0ක උපරිම වර්ෂාපතනය මහනුවර වේවැල්තලාව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya