අද උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල සුළං වේගය කෙටි කාලීනව ඉහළ යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්රදේශ රළු විය හැක.
ත්රීකුණාමලය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක.