සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තරයෙන් නිරීක්ෂකයන් 100කට අධික ප‍්‍රමාණයක්

    දෙසැම්බර් 17, 2014

    ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් 100කට අධික සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව හා පැෆරල් සංවිධානය පියවර ගෙන ඇත.


    ජනවාරි 08 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂකයන් 69 දෙනෙකුට ද, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පීපල් ඇක්ෂන් (පැෆරල් සංවිධානය) නිරීක්ෂකයන් 35 දෙනෙක් ද ගෙන ඒමට තීරණය කර ඇත.

    තායිලන්තය, ජපානය, බංග්ලාදේශය, පාකිස්තානය, මාල දිවයින්, පිලිපීනය වැනි රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සංගම් හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අධීක්ෂණ සංසදය, දකුණු ආසියානු මැතිවරණ නිරීක්ෂකයන් ද ඡන්දය ප‍්‍රකාශන අධීක්ෂණය කිරීමට මේ මස 27 දා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

    මේ අතර තැපැල් ඡන්ද සඳහා ඡන්ද පති‍්‍රකා පෙරේදා (15) තැපැල් කළ අතර මෙවර ජනාධිපතිවරණයට 547,000 තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇත. තැපැල් ඡන්දය දෙසැම්බර් 23 හා 24 වන දින පැවැත්වීමට නියමිත අතර එදිනට ඡන්දය ප‍්‍රකාශ කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට 30 වැනිදා තම ඡන්දය පාවිච්චි කිරීමට හැකි වනු ඇත. 


    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya