සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලී මීටර් 100කට වඩා තද වැසි Featured

    දෙසැම්බර් 08, 2014

    අද (08) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇති වීමට ද ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය

    බදුල්ල සහ රත්නපුරයෙන් ඝන මීදුම සහිත තත්වයක් ද වවුනියාවෙන් මීදුම සහිත කාලගුණයක් ද අද උදෑසන 5.30 වන විට වාර්තා වී තිබේ.

    අද උදෑසන 5.30 වන විට මි.මී. 17.2ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද 33.8ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද 12.9ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද 27.9ක වර්ෂාපතනයක් කටුනායකින් ද 5.4ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද 4.3ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුර සහ කොළඹින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.1°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.5°C නුවරඑළියෙන් ද මි.මී. 143.2ක උපරිම වර්ෂාපතනය මඩකළපුව, මයිලම්බවේලි ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya