සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා භාරදීම අද පෙරවරුවේ Featured

    දෙසැම්බර් 08, 2014

    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් අද (08) උදෑසන 9.30 සිට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දීමේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට හිමි වේ.

    ඒ අනුව අද උදෑසන 9.00 සිට 11. 00 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර උදෑසන 9. 00 සිට 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට නියමිතය.

     

    ඊයේ මධ්‍යහන 12.00ට ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 17කින් හා ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 19කි.

     

    2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වැනි දා පැවැත්වීමට නියමිත අතර 2014 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දදායකයන් එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතරදහස් හාරසිය අනුවක් (15,044,490) මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya