සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳපොළ වාසියත් ජනතාවට - පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල පහතට Featured

    දෙසැම්බර් 06, 2014

    සියලුම පෙට්‍රල් වර්ගවල සහ සියලුම ඩීසල් වර්ගවල මිල ගණන් සහ භූමිතෙල් මිල ගණන් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අඩුකළ බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.


    පෙට්‍රල් (92 ඔක්ටේන්)  සහ (95 ඔක්ටේන්) රුපියල් හතකින් ද, ඔටෝ ඩීසල් රුපියල් හතකින් ද, සුපර් ඩීසල් (4 ස්ටාර්) රුපියල් හතකින්ද මිල අඩුකර තිබෙන අතර භූමිතෙල් රුපියල් හතරකින්ද, ලංකා ඉන්ඩස්ට්‍රියල් භූමිතෙල් රුපියල් පහකින්ද මිල අඩු කර තිබේ.

     

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මනා කළමනාකරණයකින් පවත්වා ගෙන යන අතර කෙටිකාලීන මිලදී ගැනීම් වෙනුවට දිගුකාලීන මිලදී ගැනීම්වලට ගොස් තිබේ. වෙළෙඳපොළ වාසියත් ජනතාවට දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසුවේ අද (06) උදෑසන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දසදෙසින් වැඩසටහනට ප්‍රකාශයක් කරමිනි.


    2014 පළමු මාස 09 දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 3.5ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබේ. සංස්ථාවේ වසර අවසානයේ අපේක්ෂිත ලාභය රුපියල් බිලියන 6.6කි.

     

    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ 3 වන අදියර ආරම්භ වීමත් සමඟ පහළ ගිය විදුලි උත්පාදන පිරිවැයේ වාසිය මහජනතාව වෙත ලබාදීම උදෙසා පෙට්රල්, ඩීසල් හා භූමිතෙල්වල මිල මේ වසරේ සැප්තැම්බර් මැද දී පහළ දැමීම නිසා 2014 වසර අවසානයේ ආන්තික ලාභයක් ලැබෙනු ඇති බව මේ වන විට අපේක්ෂා කරන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසා තිබේ.

     

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෙට්රල් 92 හා 95, සුපිරි ඩීසල් හා ගුවන් යානා ඉන්ධන සඳහා තවදුරටත් පිරිවැය පිළිබිඹු වන මිල ක්‍රමයක් පවත්වා ගෙන යන බව පසුගිය නොවැම්බර් මාසයේ දී  මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වාර්තා කළේය. 2014 අය-වැය යෝජනා අනුව වසරේ මුල සිට වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන ගාස්තු ඉවත් කිරීමත් සමඟ ගුවන් යානා ඉන්ධන මිල ද පිරිවැයට සරිලන මිලක් බවට පත් විය. ලංකාවේ මිල ගණන් කලාපීය මිල ගණන් සමඟ තරගකාරී වීම සඳහා ගුවන් යානා හා ඉන්ධන අපනයනය සඳහා වන බදු නීති සංශෝධනය කිරීමටත් යෝජිත බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya