සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළට - මිලී මීටර් 100කට වඩා තද වැසි Featured

    දෙසැම්බර් 06, 2014

    අද (06) වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇති වීමට ද ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන මි.මී. 4.8ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C කොළඹින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.8°C රත්මලාන ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.3°C නුවරඑළියෙන් ද මි.මී. 23.4ක උපරිම වර්ෂාපතනය බලංගොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya