සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර මහ ඇමතිගෙන් විපක්ෂයට අභියෝගයක්

    දෙසැම්බර් 05, 2014
    බස්නාහිර පළාත් සභාවේ බලය හැකිනම් එළැඹෙන ජනාධිපතිවරණයට ප්‍රථම වෙනස් කොට පෙන්වන්න යැයි ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභා විපක්ෂයෙන් ඉල්ලා සිටින අතර එසේ වෙනස් කිරීමට හැකි වුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් පැවසීය.
     
    ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    සභාවේ බලය පෙරළීම සඳහා සභාව රැස්විය යුතු නොවන බවත් එය දිවුරුම් ප්‍රකාශයක් මගින් සිදු කළ හැකි බවත් පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා එසේ සිදු කළ නොහැකි නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වන්න යැයි ද කීය.
     
    පසුගිය දා පැවැති ඉදිරි වර්ෂය සඳහා වන බස්නාහිර පළාත් අයවැයේ දී සෑම වැය ශීර්ෂයක් ම වැඩි ඡන්ද 25කින් පමණ සම්මත වූ බවත් පෙන්වා දුන් ඒ මහතා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය 60ක් බවත් විපක්ෂයේ නියෝජනය 40ක් බවත් පෙන්වා දුන්නේය.
     
    විරුද්ධ පක්ෂය මැතිවරණ වේදිකාවේ බොරු ප්‍රචාරයන් කරමින් ඇමැතිවරු සම්බන්ධයෙන් විවිධ කතා ගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya