සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ජවිපෙ ගමන් කරන්නේ කල්ලිවාදය යටතේ

    දෙසැම්බර් 05, 2014
    වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ ගමන් කරන්නේ කල්ලිවාදය යටතේ බවත් රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත් ක්‍රමය වෙනස් කරමින් එකිනෙකා පරයා කටයුතු කරන්න පටන් ගෙන ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා පවසයි.
     
    ඉතිහාසය පුරා වමේ ව්‍යාපාර රටේ තීන්දු තීරණ ගන්නා විට රටට, ජනතාවට විශාල ජයග්‍රහණ ගෙන දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. නමුත් පසුව ඒ තත්ත්වය වෙනස් වූ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැර යාමට කටයුතු කළ බවත් සඳහන් කළේය.
     
    අද ඔවුන් ප්‍රගතිශීලී ජනතාව අතරමං කරලා. අනුර දිසානායක පක්ෂ නායකත්වයට පත් වූ පසු පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූල නො වී සාදයක් පැවැත්වූ බව පැවසූ පොල්ගම්පල මහතා පුද්ගලික අරමුණු වෙනුවෙන් මේ යන ජේවීපී ගමන වෙනස් විය යුතු බවත් කීය. 
     
    සීතල ඊළාම් මතයක්, අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජාතික වුවමනා පසෙකින් තබා මඩ දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා යැයි ද ඔහු  අද (05) කොළඹ පදනම් ආයතනයේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමින් පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya