සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නොවන සංවිධානවල ඔඩොක්කුවට ජේවීපිය වැටිලා

    දෙසැම්බර් 05, 2014
    අද ජේ.වී.පී.ය ගොවියාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැති තත්ත්වය පත්ව ඇති බවත් බහුජාතික සමාගම්, රාජ්‍ය නොවන සංවිධානවල ඔඩොක්කුවට ජේවීපිය වැටී ඇති බවත් උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී උපුල් කුමාර මහතා පවසයි.
     
    මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පිහිටුවා ගනිමින් අරගල කළ බවත් උතුරු මැද පළාතේ සහල්, වී මාෆියාවක් ක්‍රියාත්මක කළ අතර ඒ දේ ක්‍රියාත්මක කළේ කවුද යන්න සියලු දෙනා දන්නා බවත් උපුල් කුමාර මහතා පැවසුවේ අද (05) කොළඹ පදනම් ආයතනයේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
     
    අද ජේ.වී.පී.ය ගොවියාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැති තත්ත්වයට පත්වෙලා. බහුජාතික සමාගම්, රාජ්‍ය නොවන සංවිධානවල ඔඩොක්කුවට ජේවීපිය වැටිලා. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් 300ක් අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. ගොවියාගේ වීවලට සහතික මිලක් ලැබු‍ණේ නැති නිසා ජනාධිපතිතුමා චක්‍රලේඛයක් නිකුත් කළා යැයි ද ඔහු සඳහන් කළේය.
     
    නිර්ධන පන්තියට බලය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ගමන් කළ මාර්ගය වෙනස් කර ඇති බවත් මේ යන ගමනට තවත් එක්ව සිටිය නොහැකි බවත් මෙහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ප්‍රේමකුමාර මහතා ද පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya