සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්ෂණික මෙවලම් සහිත Innovative ICT classroom ව්‍යාපෘතිය පාසල් පද්ධතියට එක් වේ Featured

    දෙසැම්බර් 05, 2014
    ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජයේ ද්විපාර්ශ්වීය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කොරියානු රජයේ පරිත්‍යාග කළ රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමින් යුත් නවීන තාක්ෂණික මෙවලම් සහිත Innovative ICT classroom  ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී සිදු කෙරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.  පන්ති කාමරය සකස් කිරීමේ සිට සියලු ම උපකරණ ස්ථානගත කිරීම ඇතුළු සියලු කාර්යයන්, පන්ති කාමරය භාවිතය, අදාළ ගුරු පුහුණු කටයුතු කොරියානු රජයෙන් සිදු කළේය. මෙම පන්ති කාමරය අභ්‍යන්තර සිවිලිම් සකස්කර, පොළොව කොන්ක්‍රීට් කර , බිමට ටයිල් අතුරා, වායු සමීකරණ යන්ත්‍ර සවිකර ඇත. මීට අමතවර Smart Board 4ක්, Smart Podium, laptop 41ක්, tab 10ක්, USP යන්ත්‍රයක්, Server යන්ත්‍රයක්, ලී බඩු, මේස, පුටු හා laptop යන්ත්‍ර Charge සඳහා විදුලි පහසුකම් සහිත ගබඩා කළ හැකි කැබිනට්ටුවක් ඇතුළු අංගෝපාංගයන්ගෙන් සමන්විතය.  තොරතුරු තාක්ෂණ අංගෝපාංගවලින් සමන්විත මෙම පන්ති කාමරය භාවිත කිරීම පිළිබඳ විශේෂ පුහුණුවක් පාසල් ගුරුවරුන් 30 දෙනෙකු සඳහා පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වීය. කොරියානු පුහුණුකරුවන් දෙදෙනෙකු මඟින් මෙම පුහුණු පාඨමාලාව පවත්වා ඇත.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොරියානු ටෙලිකොම් සමාගමේ නිලධාරීන් පිරිසක් පසුගිය ජුලි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී සිදු කරන ලද සක්‍යතා අධ්‍යයනයේ හා සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලබා දී තිබේ. පිලිපීනය, ඉන්දුනීසියාව, බෘනායි, කොලොම්බියාව, කාම්බෝජය, මොංගෝලියාව, පැරගුවේ සහ අසර්බයිජානය ආදී රටවල්වල මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වේ. 
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya