සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝස්ටර් භාවිත නොකරන්නේ නොහැකියාව වසා ගැනීමටයි Featured

    දෙසැම්බර් 05, 2014
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පෝස්ටර් යොදා නොගන්නා බවට ප්‍රකාශ කරන්නේ තම නොහැකියාව වසා ගැනීමේ උපක්‍රමයක් ලෙසින් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    "ඔවුන් පෝස්ටර් නොගහන්නේ ඒ වෙනුවෙන් කටයුතු කිරීමට බිම් මට්ටමේ නියෝජනයක් නොමැති නිසා. ඔවුන්ට එසේ ශක්තියක් තිබුණා නම් සිරිසේන මහතා විශාල පෝස්ටර් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනවා. ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකුට සිය ඡන්ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් පෝස්ටර් යොදා ගැනීමේ අයිතිය ඇති බවත් විපක්ෂයට කඩිමුඩියේ ගෙනාපු පොදු අපේක්ෂකයා සමඟ එළැඹි පරස්පර විරෝධී එකඟතා නිසා ඒවා ජීර්ණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසීය.
     
    "පොදු අපේක්ෂක සිරිසේන මහතා චන්ද්‍රිකා මැතිනියට අවශ්‍ය ලෙසින් මෙහෙයවනවා. රනිල් වික්‍රමසිංහ මහතා අමාරුවේ වැටුණු කෙනෙක්. ඒකෙන් චන්ද්‍රිකා මැතිණිය ප්‍රයෝජන ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාණ ඇපකරුවෙකු ලෙස යොදාගනිමින් මැතිවරණ කටයුතු මෙහෙය වනවා". 
     
    පසුගියවර ජනාධිපතිවරණයේ දී ෆොන්සේකා මහතා දිනවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉතා උනන්දුවෙන් ක්‍රියා කළ ද මෙවර සිරිසේන මහතා දිනවීම සඳහා එවන් සහයෝගයක් ලබා නොදෙන බවත් පොදු අපේක්ෂකයාගේ බිම් මට්ටමින් පිබිදීමක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    "විපක්ෂයේ පොදු අපේක්ෂකයාට හෝ ඔහු වටා සිටින පුද්ගලයන්ට දේශපාලන නිශ්චිතභාවයක් නැහැ. මෙය වෛරක්කාර එකමුතුවක්. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ පුද්ගලික කෝන්තර පිරිමසා ගන්න. මෙලෙස ක්‍රියාත්මක වුවහොත් සිදු වන්නේ හොඳට තිබෙන රට අවුලෙන් අවුලට පත්වීමයි". 
     
    නැති අවශ්‍යතාවන් මතුකොට රට අස්ථාවර කිරීමේ ප්‍රයන්තනය පිළිබඳව මහජනතාව තේරුම් ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
     
    මේ රට ආරක්ෂා කරගනිමින් ගොඩනැගෙන ස්ථාවරත්වයෙන් ඉදිරියට යන්න සුදානමින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත වරක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට ජනතාව කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya