සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයන් මුදල් දී රඳවාගැනීමේ අවශ්‍යතාවක් නෑ Featured

    දෙසැම්බර් 05, 2014
    පක්ෂයේ මහජන නියෝජිතවරු මුදල් දී රඳවාගැනීමේ හෝ වෙනත් පක්ෂයකින් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොමැති බවත් එසේ ලබාදීමට මුදල් තම පක්ෂය සතුව නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    බිම් මට්ටමේ සිට විශාල පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් අනුදැනුමකින් තොරව පෝස්ටර් ගැසූ බවත් ඒ සියලු දේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිදු කළ ඒවා බවත් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස දැක්වීම වැරදි බවත් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ නීතිය අනුව කටයුතු සිදු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    "පක්ෂයේ හෝ කැබිනට් මණ්ඩලය අවස්ථාවන්වලදී කිසි දෙයක් පිළිබඳ ව කතාබහ නොකළ පුද්ගලයන් පක්ෂයෙන් ඉවත්වූවාට පසු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කළේ අපි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත් අනිවාර්ය කළේ වත්මන් ආණ්ඩුව. එසේ වලංගු හැඳුනුම්පතක් නොමැතිව වර්තමානයේ දී ඡන්දය ප්‍රකාශ කළ නොහැකියි".
     
    "අතීතයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ දී අතිරේක ඡන්ද විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබුණා. එම වැරදි ක්‍රමවේදය ඉවත් කළේ වර්තමාන ආණ්ඩුව. ඒ කාලයේ දී විවිධ මැර තර්ජන පවා සිදු කළා. ඒ කිසිවක් අද නැහැ. මැතිවරණ ක්‍රමය විනිවිද පෙනිය යුතුයි".
     
    වැරදි නොකිරීම සඳහා මැතිවරණ ක්‍රමය විනිවිද භාවයෙන් යුතුව සකස් කළේ වත්මන් ආණ්ඩුව යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya