සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිපා වන්දනා සමයට සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම අද

    දෙසැම්බර් 05, 2014
    2014 - 2015 සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව ආරම්භ කිරීම වෙනුවෙන් සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහර අද (05) පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් පිටත් වේ.
     
    දේව ප්‍රතිමාව හෙට (06) අලුයම සිරිපා උඩ මළුවට වැඩම කරවීමෙන් පසු මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කෙරේ.
     
    සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහර අවිස්සාවේල්ල හැටන් හරහා නල්ලතන්නි දක්වා රථ පෙරහරකින් ගමන් කරන අතර නල්ලතන්නි සහ පලාබද්දල සිට දෝලාවෙන් සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම සිදු කෙරේ. 
     
    සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතා පසුගිය දින පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයට පැමිණ සාම්ප්‍රදායානුකූල ව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් බැහැදැක සමන් දේව ප්‍රතිමාව වැඩම කරවන ලෙස ඉල්ලා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya