සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන් දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්

    දෙසැම්බර් 04, 2014

    හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    තමන් විපක්ෂයට එක්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමට සූදානම් වූ බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති නිසා ඒ ගැන වාර්තාවක් ලබා දෙන්න පරීක්ෂණ සිදු කරන බවත් ඒ ගැන සාක්ෂි දෙන්න එතුමාට සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම සිද්ධිය පිළිබඳ සොයා බලා අදාළ පුද්ගලයින් හෙළිදරව් කර ගන්නා ලෙසට රජය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළ බවත් අමාත්‍යවරයා  අද (04) ජනාමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya