සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලපනේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක අභීත රත්නායක

    දෙසැම්බර් 04, 2014
    වලපනේ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ කණිටු පුත් අභීත රත්නායක මහතා පත් කර ඇත.
     
    ඒ මහතා අද (04) පෙරවරු 10. 17 ට යෙදුණු සුබ මොහොතින් වලපනේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන කාර්යාලයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
     
     
    මෙහිදී අදහස් දැක්වූ නව සංවිධායක අභීත රත්නායක මහතා ආසනය තුළ සංවර්ධන කටයුතුවලින් 99‍ක් ම අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඉටුකර ඇති බවත් එම කටයුතු තවදුරටත් පුළුල් කිරීම තමාගේ ප‍්‍රමුඛත ම කාර්යය වන බවත් ඒ තුළින් ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම තම අපේක්‍ෂාව බවත් කියා සිටියේය.
     
     
    නුවරඑළිය ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස වලපනේ ආසනයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පත් කර ඇත.
     
     
    හඟුරන්කෙත ඓතිහාසික ශී‍්‍ර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස අභීත රත්නායක මහතා කටයුතු කරයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අභීත රත්නායක මහතා විද්‍යාලයේ බෞද්ධ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු එහි ජාත්‍යන්තර සිසුන් පිළිබඳ සංගමයේ උප සභාපතීත්වය ද දරා ඇත. හෙතෙම නුවරඑළිය දිස්ති‍්‍රක් එල්ලේ සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya