සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා

    දෙසැම්බර් 04, 2014
    එළඹෙන ජනාධිපතිවරණයට පෙර ජාතික හැඳුනුම්පත් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික් ජංගම සේවාවන් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් රොෂාන් අමරසිංහ මහතා පැවසීය.
     
    ඒ අනුව ඉදිරියේ දී මහනුවර, යාපනය, මාතලේ, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජාතික හැඳුනුම්පත් ලබාදීමට අදාළ ව ජංගම සේවා පවත්වනු ඇත.
     
    බදුල්ල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල මේ වන විට ජාතික හැඳුනුම්පත් ලබාදීමට අවශ්‍ය ජංගම සේවාවන් පවත්වා අවසන් කොට ඇත.
     
    ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන් වන කැෆේ සහ පැෆරල් සංවිධානවල දායකත්වයෙන් මෙම ජංගම සේවාවන් පවත්වනු ලැබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya