සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිජිටල් තාක්ෂණයෙන් නවීකරණය වූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විවෘත කිරීම හෙට

    දෙසැම්බර් 04, 2014

    ඩිජිටල් තාක්ෂණයෙන් නවීකරණය වූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (05) පෙ.ව. 10.00 විවෘත කෙරේ.

     

    1965 වසරේ පවත්වන ලද කර්මාන්ත ප්‍රදර්ශනයේ එක් විශේෂාංගයක් ලෙස අරම්භ කරන ලද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අඩ සියවසක් සපුරමින් දැවැන්ත ඉදිරිගමනක නිරත වී සිටියි.

     

    අද වන විට ලෝකයේ ඇති අනෙකුත් ග්‍රහලෝකාගාර මෙන් නවීන තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් තාක්ෂණය මඟින් ගෝලීය දර්ශන නැරඹීමේ අවස්ථාව මෙරට මහජනතාවට ලබාදීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සියලු කටයුතු සූදානම් කොට තිබේ.

     

    නවීකරණය කරනු ලැබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විවෘත කිරීම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් ධාරා විජයතිලක මහත්මියගේ ආරාධනයෙන් විද්‍යා කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya