සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 නව පාසල් වාරය ආරම්භ කිරීම

    දෙසැම්බර් 04, 2014

    2014 වර්ෂයේ තෙවන පාසල් වාරය හෙටින් (05) අවසන් වන අතර ලබන වසරේ නව පාසල් වාරය 2015 ජනවාරි 05 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ 2015 වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගනු ලබන පාසල් 83ක් සහ ජනාධිපතිවරණ ජන්ද විමසීමේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන‍් යොදාගැනීමට නියමිත පාසල් හැර අනෙකුත් සියලු ම පාසල් 2015 පළමු පාසල් වාරය සඳහා ජනවාරි 05 වන දින විවෘත කරනු ඇත.

    ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් මෙන් ම පාසල් ගොඩනැගිලි රාශියක් යොදා ගැනීමට නියමිතය. ඒ නිසා ජනවාරි 05 හා 06 දින දෙකෙහි පාසල් පැවැත්වීමෙන් පසු ව ජනාධිපතිවරණය සඳහා සියලු ම රජයේ හා රජය අනුමත පෞද්ගලික පාසල්වලට ජනවාරි 07 සිට 09 දින දක්වා තෙදිනක් පාසල්වලට නිවාඩු ලබා දෙනු ඇත. ඉන් පසු ලබන ජනවාරි 12 වන දින සියලු ම පාසල් යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංය පවසයි.

    මේ අතර අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ මෙරට සංචාරයට සමගාමීව ජනවාරි 11 සිට 15 වන දින දක්වා තවත් පාසල් 43ක් වසා තබන බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

    පාප් වහන්සේගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කරන පොලිස් නිලධාරීන්ගේ නේවාසික පහසුකම් සඳහා කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාසවල පිහිටි පාසල් 43ක් මෙලෙස වසා තැබෙන බව සඳහන්ය.

    අදාළ පාසල් ජනවාරි 16 වන දා යළි විවෘත කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගයීම් කටයුතු හේතුවෙන් වසා තබන පාසල් පහත පරිදි වේ.

    නාලන්දා විද්‍යාලය - කොළඹ 10, තර්ස්ටන් විද්‍යාලය - කොළඹ 07, රාජකීය විද්‍යාලය - කොළඹ 07, බුවනෙකබා මහා විද්‍යාලය - මහරගම, ජනාධිපති විද්‍යාලය - හෝමාගම, පිළියන්දල ම.ම. විද්‍යාලය, ශාන්ත මේරි විද්‍යාලය - අවිස්සාවේල්ල, පානදුර බාලිකා විද්‍යාලය, තක්ෂිලා ම.ම. විද්‍යාලය - හොරණ, කළුතර බාලිකා විද්‍යාලය, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ම.ම. විද්‍යාලය - මතුගම, බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලාය - ගම්පහ, හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය - මුදුන්ගොඩ (මිරිස්වත්ත හන්දිය), යක්කල අනුර මහා විද්‍යාලය, සංඝබෝධි මහා විද්‍යාලය - නිට්ටඹුව, ශාන්ත පීතර ම. විද්‍යාලය - මීගමුව, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, උස්වතුන් හසනා විද්‍යාලය - ගාල්ල, අනුලා දේවි බාලිකා විද්‍යාලය - ගාල්ල, සුධර්මා විද්‍යාලය - ගාල්ල, කොටුව ජනාධිපති විද්‍යාලය - මාතර, සර්වේසන් මහා විද්‍යාලය - මාතර, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය - මාතර, මාතර මධ්‍ය මහා විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ, ආනන්ද ම.ම. විද්‍යාලය - ඇල්පිටිය, ගොඩපිටිය ම.ම. විද්‍යාලය - අකුරුස්ස, ශාන්ත මේරි විද්‍යාලය (ජාතික) - හම්බන්තොට, රුහුණු විජයබා විද්‍යාලය (ජාතික) - තංගල්ල, මහිඳු විද්‍යාලය - රත්නපුර, සීවලී ම.ම. විද්‍යාලය - රත්නපුර, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය - පැල්මඩුල්ල, බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය - බලන්ගොඩ, ඇඹිලිපිටිය විද්‍යාලය (ජාතික), කෑගල්ල මහා විද්‍යාලය, ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය - කෑගල්ල, ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය - පුත්තලම, සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය - කුරුණෑගල, ශාන්ත ආනා විද්‍යාලය - කුරුණෑගල, ගැට්ටුවාන මහා විද්‍යාලය - කුරුණෑගල, ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය - කුරුණෑගල, ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය - කුරුණෑගල, සාරානාත් මහා විද්‍යාලය - කුලියාපිටිය, කාර්මෙල් බාලිකා ම.ම. විද්‍යාලය - හලාවත, මහසෙන් මධ්‍ය මහා විද්‍යාලය - නිකවැරටිය, විහාර මහා දේවි බාලිකා විද්‍යාලය - මහනුවර, සීතාදේවි විද්‍යාලය - මහනුවර, ශාන්ත සිල්වෙස්තර් මහා විද්‍යාලය - මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය - මහනුවර, පුෂ්පදාන මහා විද්‍යාලය - මහනුවර, හේමමාලී බාලිකා මහා විද්‍යාලය - මහනුවර, බද්උද්දීන් මහමුද් බාලිකා මහා විද්‍යාලය - මහනුවර, සරසවි උයන මහා විද්‍යාලය - පේරාදෙණිය, වික්‍රමබාහු ම.ම. විද්‍යාලය - ගම්පොළ, විජය විද්‍යාලය (ජාතික) - මාතලේ, ශාන්ත තෝමස් විද්‍යාලය (ජාතික) - මාතලේ, ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය - නුවරඑළිය, දොන් බොස්කෝ මහා විද්‍යාලය - හැටන්, හයිලන්ඩ් විද්‍යාලය - හැටන්, ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලය - අනුරාධපුර, කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය - අනුරාධපුර, තෝපා වැව මහා විද්‍යාලය - පොලොන්නරුව, විශාකා බාලිකා මහා විද්‍යාලය - බණ්ඩාරවෙල, විශාඛා උසස් බාලිකා විද්‍යාලය - බදුල්ල, ධර්මදූත මහා විද්‍යාලය - බදුල්ල, මහියංගන විද්‍යාලය (ජාතික), වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, මහානාම මහා විද්‍යාලය - මොනරාගල, ඩී.එස්. සේනානායක ම.ම. විද්‍යාලය - අම්පාර, ශ්‍රී ෂන්මුගන් හින්දු බාලිකා විද්‍යාලය - ත්‍රීකුණාමලය, වෙස්ලි මහා විද්‍යාලය - කල්මුණේ, මහමුද් බාලිකා මහා විද්‍යාලය - කල්මුණේ, ශාන්ත මයිකල් විද්‍යාලය - මඩකළපුව, වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලය - මඩකළපුව, අස්සිරාජ් මහා විද්‍යාලය - අක්කරෙයිපත්තුව, දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - වව්නියාව, කිලිනොච්චිය මහා විද්‍යාලය, ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලය - මන්නාරම, වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය - යාපනය, හින්දු විද්‍යාලය - යාපනය, මධ්‍ය මහා විද්‍යාලය - යාපනය සහ මධ්‍ය මහා විද්‍යාලය - නෙල්ලිඅඩි යනාදිය එම පාසල් වේ.

    අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයේ ආරක්ෂක රාජකාරියේ යොදවන නිලධාරීන්ගේ නවාතැන් සඳහා වසා තැබෙන පාසල් වන්නේ, කොළඹ දකුණ කොට්ඨාසයේ කුරුඳුවත්ත පොලිස් වසමේ රාජකීය විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්. සේනනායක විද්‍යාලය, කොල්ලුපිටිය පොලිස් වසමේ මහානාම විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ශාන්ත මරියා බාලිකා විද්‍යාලය, බම්බලපිටිය පොලිස් වසමේ විශාකා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, ශාන්ත පාවුල් විද්‍යාලය, හින්දු පිරිමි විද්‍යාලය, ශාන්ත මරියා විද්‍යාලය, නාරාහේන්පිට පොලිස් වසමේ ඉසිපතන විද්‍යාලය, බොරැල්ල පොලිස් වසමේ කන්නන්ගර විද්‍යාලය, බණ්ඩාරනායක විද්‍යාලය, සුසමය වර්ධන විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය හා රත්නාවලී බාලිකා විද්‍යාලය එම පාසල් වේ.

    කොළඹ උතුර කොට්ඨාසයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝෂප් පිරිමි විද්‍යාලය, විජයබා විද්‍යාලය, ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලය, ශාන්ත අන්තෝනි දෙමළ විද්‍යාලය, බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලය, නවලෝක පන්සල, අල් අසාර් විද්‍යාලය, බ්ලූමැන්ඩල් දෙමළ විද්‍යාලය, ජයන්ති විද්‍යාලය දෙමටගොඩ පොලිස් වසමේ හේමමාලී බාලිකා විද්‍යාලය, ඥානවිමලාරාම පන්සල කොටහේන පොලිස් වසමේ කොටහේන කුමාර විද්‍යාලය, කොටහේන ගුණානන්ද විද්‍යාලය, කොටහේන ජනාධිපති විද්‍යාලය හා දීපදුත්තාරාම පන්සල ද වසා තැබෙන ස්ථාන වේ.

    කොළඹ මධ්‍යම කොට්ඨාසයේද පාසල් වසා තැබෙන අතර මාලිගාවත්ත පොලිස් වසමේ බාරොන් ජයතිලක විද්‍යාලය, රාජසිංහ විද්‍යාලයත් මරදාන පොලිස් වසමේ ආනන්ද විද්‍යාලය, අශෝක විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, විහාර මහා දේවි බාලිකා විද්‍යාලය, සංඝරාජ විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය හා ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය ද අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයේ ආරක්ෂක රාජකාරියේ යොදවන නිලධාරීන්ගේ නවාතැන් සඳහා වසා තැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya