සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් රැසකට වැසි Featured

    දෙසැම්බර් 04, 2014

    අද (04) දිවයිනේ ඌව පළාතේ ද මඩකළපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දි මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.

    මඩකළපුවට විටින් විට වැසි ද ත්‍රිකුණාමලයට උදය කාලයේ දී වැසි ස්වල්පයක් ද ඇතිවිය හැක.

     

    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C අනුරාධපුර හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.4°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.8°C නුවරඑළියෙන් ද මි.මී. 303.0ක උපරිම වර්ෂාපතනය ලුණුගම්වෙහෙර වෙහෙරගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya