සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රසාදය යුරෝපීය සංගමයේ කවුන්සිලයට

    දෙසැම්බර් 03, 2014

    යුරෝපීය සංගමයේ අධිකරණයක් මඟින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානයේ තහනමට අදාළ ව ලබා දුන් තීන්දුවට එරෙහි ව යුරෝපීය සංගමයේ කවුන්සිලය ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රසාදය පළ වී තිබේ.


    විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වනුයේ අදාළ අධිකරණ තීන්දුව මඟින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සමීප යුරෝපයේ කි‍්‍රයාත්මක කණ්ඩායම්වලට හිතකර තත්ත්වයක් උදාකර දී ඇති බවයි.

    මෙම තීන්දුවට එරෙහි ව යුරෝපීය සංගමයේ කවුන්සිලය ඇපෑලක් ඉදිරිපත් කිරීම කාලීන පියවරක් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    යුරෝපීය සංගමයේ සාමාජික රටවල් සමඟ ශී‍්‍ර ලංකාව ඉතා සමීපව හා සහයෝගයෙන් කටයුතු කරනු ලැබේ.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් කණ්ඩායම්වල කි‍්‍රයාකාරීත්වයට එරෙහි ව යුරෝපීය සංගමයේ සාමාජික රටවල් ගන්නා ඕනෑම කි‍්‍රයාමාර්ගයකට ශී‍්‍ර ලංකාව සහය දක්වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනු ලැබේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya