සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    දෙසැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 2 වන පන්තියේ II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය  - 2014 දෙසැම්බර් 27 වන දින කොළඹ දී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල ගරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය - 2014 ලබන 27 වන දින කොළඹ, ගම්පහ හා කළුතර පමණක් පැවැත්වෙනු ඇත. මේ සඳහා අයදුම්කරුවන් 14,500ක් පෙනී සිටීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 (2014) ලබන 27 හා 28 දින දෙකෙහි පේරාදෙණියේදී පමණක් පැවැත්වීමට නියමිතය.
     
    ඉස්ලාම් ආගමික අගදිය්යා අල්කූර් ආන් පාසල් සඳහා වූ අවසන් සහතිකපත්‍ර විභාගය - 2013 (2014) විභාගය ලබන 27 හා 28 දෙදින දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බවත් ඒ සඳහා අයදුම්කරුවන් 10,350ක් පෙනී සිටීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya