සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ බලය පැවරිය යුත්තේ ස්ථාවර නායකයෙකුටයි, ස්ථාවර පක්ෂයකටයි

    දෙසැම්බර් 03, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) රටේ ජනතාව කල්පනා කළ යුත්තේ අංක එකටත් දෙකටත් රටේ ස්ථාවරභාවය බවත් ඒ සඳහා රටේ බලය පැවරිය යුත්තේ ස්ථාවර නායකයෙකුට, ස්ථාවර පක්ෂයකට බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

     

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    පොදු අපේක්ෂකයාගේ පාර්ශව විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව විවිධ මත පළකරමින් සිටින බවත් එය ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වැනි බවත් මෙම කණ්ඩායමේ නැතිම දේ ස්ථාවර භාවය බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    අතීතයේ දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හිටපු ජනාධිපතිවරයෙක් ලෙස හැසිරිය යුත්තේ කෙසේදැ යි පෙන්වා දී ඇති බවත් මේ දිනවල දේශපාලන කරළියට පැමිණ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එතුමාගෙන් ඉගෙන ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya