සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපතිවරයෙකුට සිය අභිමතය පරිදි හැසිරෙන්නට බෑ

    දෙසැම්බර් 03, 2014

    ජනතා ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපතිවරයෙකුට සිය අභිමතය පරිදි හැසිරෙන්නට බැරි බවත් එසේ විධායක ජනාධිපති ධූරය හිස් වෙන්නේ නැති බවත් දේශපාලන වාසි සඳහා සහ ඡන්දය ලබා ගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයන් මුලා කිරීමට පොදු අපේක්ෂකයා විසින් මෙවැනි කතා පවසන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන උප සභාපති වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

     

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත්තේ එතුමා බලයට පැමිණයහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37වන වගන්තිය යටතේ විධායක අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවත් පවසා ඇති නමුත් එය ප්‍රයෝගිකව කළ නොහැකි දෙයක් බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේය.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වන වගන්තියේ සඳහන් වන්නේ විධායක ජනාධිපතිවරයා රෝගාතූර වීම හෝ සිය රටින් බැහැර යාම හෝ කරුණු පදනම් කරගෙන අදාළ කාලසීමාවකට පමණක් අගමැති තනතුරට විධායක බලතල ලබා දිය හැකි වන අතර ඒ අනුව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසීය.

     

    නමුත් පොදු අපේක්ෂකයා ජනාධිපති බවට පත් වී මෙම වගන්තිය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළත් රනිල් වික්‍රමසිංහ මහතා නොව වත්මන් අගමැති තනතුර හොබවන දි.මු. ජයරත්න මහතාට එම බලතල ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරයා එය භාර ගත නොහැකි බව පැවසුවහොත් ඒ කාල සීමාව තුළ කථානායකවරයාට එම විධායක බලතල ලැබෙන බවත් එසේ සිදු වුවහොත් නැවතත් රාජපක්ෂ කෙනෙකුට එනම් චමල් රාජපක්ෂ මහතාට බලය පැවරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රනිල් අගමැති කරන්න සූදානම් නැති බවත් ඒ අය බන්දේසියක මත තබා විධායක අගමැති ධූරය රනිල්ට දෙන්න සූදානම් නැති බවත් ඒ මහතා වැවිදුරටත් ප්‍රකාශ කළේය.

     

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya