සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ආධුනික සෙබළ සෙබළියන්ගේ මාර්ග සංචාරය 07දා

    දෙසැම්බර් 03, 2014

    මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණු පාසැල්වල පුහුණුව ලබමින් ආධුනික සෙබළ සෙබළියන් 4390ක් සිටින බවත් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය, දරා ගැනීමේ හැකියාව ආදී ගුණාංග වර්ධනය කරලීම සඳහා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන මාර්ග සංචාර වැඩසටහන මෙම මස 07 වැනි දින පවත්වනු ලබන බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

     

    අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

     

    මෙම මාර්ග සංචාරය යුද හමුදා පුහුණු පාසැල් ස්ථානගත ව ඇති අනුරාධපුරය, මහියංගනය, වරකාපොළ, දියතලාව, ගාල්ල, කුරුණෑගල, වව්නියාව, හෝමාගම, අම්බලන්ගොඩ හා මහනුවර යන නගර ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සංචාරය සෙබළුන් සඳහා කි.මී. 12ක් වන අතර සෙබළියන් සඳහා කි.මී. 06 කි. 07දා පෙ.ව. 8.30 සිට 12.30 දක්වා මෙම මාර්ග සංචාරය සිදු කරනු ලැබේ.

     

    මෙම මාර්ග සංචාරයට ප්‍රථමයෙන් මෙම සෙබළ සෙබළියන් සියලු දෙනා ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඒ සඳහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කරනු ලබන අතර යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම් ද මෙම පාගමනේ යෙදෙති.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya