සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට විශාලත ම සතිපොළ ගුවන් හමුදා ශ්‍රමදායකත්වයෙන්

    දෙසැම්බර් 03, 2014
    ලංකාවේ මෙතෙක් ඉදිකරන ලද විශාලත ම සතිපොළ ලෙසින් සැලකෙන ඇඹිලිපිටිය සතිපොළ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සියල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලද බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසූයේ අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙම සතිපොළෙහි ඉදිකිරීම් කටයුතු අවුරුදු එකයි මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ නිමා කොට ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ මගපෙන්වීම යටතේ සෙබළුන් 160ක් සහ නිලධාරීන් 02දෙනෙකු මේ සඳහා ශ්‍රම දායකත්වය සපයා ඇත. 
     
    අඩි 70 X 240 ප්‍රමාණයේ හා අඩි 120 X 240 ප්‍රමාණයේ ගොඩනැගිලි 03කින් මෙම සතිපොළ සමන්විත වේ.
     
    ඇඹිලිපිටිය සතිපොළ අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya