සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ටීටීඊය සතු ව තිබී සොයාගත් රත්‍රං යළි හිමිකරුවන්ට ලබාදීම හෙට Featured

    දෙසැම්බර් 03, 2014
    එල්ටීටීඊ ක්‍රියාකාරී කාලයේ ඔවුන් සතුව තිබිය දී සොයාගන්නා ලද රත්‍රං ද්‍රව්‍ය නැවත හිමිකරුවන් වෙත ලබාදීමේ දෙවැනි වැඩසටහන හෙට (04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙහි ප්‍රථම අදියර වශයෙන් හිමිකරුවන් සොයා ගන්නා ලද රත්‍රං ද්‍රව්‍ය පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කිලිනොච්චිය සංචාරයක් අවස්ථාවේ දී සංකේතාත්මක ලෙස ජනතාව අතට පත් කළ බවත් ඒ මහතා පැවසීය.
     
    ඒ අනුව හෙට  2000කට අධික පුද්ගලයන් පිරිසකට දෙවැනි අදියර යටතේ රත්‍රං බෙදාදීම සිදු කෙරේ. 
     
    මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා උතුරේ සිට පැමිණෙන පිරිස් කොළඹට රැගෙන ඒම සඳහා වව්නියාවෙන් විශේෂ දුම්රිය දෙකක් ද, කිලිනොච්චියෙන් විශේෂ දුම්රිය දෙකක් ද හෙට පෙරවරුවේ කොළඹ බලාපිටත් වේ. 
     
    මෙම රත්‍රං තොග සමහරක් පැකට් වශයෙන් නම් ගම් සහිතව පැවතියත් සමහරක එසේ සඳහනක් නොතුබූ අතර එම රත්‍රං සිවිල් පරිපාලන කාර්යාලවලදී ප්‍රදර්ශනය කොට හඳුනාගැනීමේ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මෙලෙස මහජනතාව වෙත ලබාදීමට කටයුතු කෙරේ. 
     
    මේ වන විටත් හඳුනාගැනීමට නොහැකි වූ ඒවා ඉදිරියේ දී හඳුනාගැනීමට කටයුතු කරන බවත් එසේ නොහැකි වන ඒවා මහා භාණ්ඩාගාරය වෙත භාරදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya