සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කතිකාවත වෙනුවෙන් ලේකම් කාර්යාලයක්

    දෙසැම්බර් 03, 2014
    පසුගිය දින දෙකක් පුරා ගාල්ල වයිට් හවුස් හෝටලයේ දී පැවැති 05 වැනි ගාලු සංවාදය අන්තර්ජාතික සමුළුවේ දී ලේකම් කාර්යාලයක් ස්ථානයක් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ස්ථීර වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය සම්බන්ධීකාරක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සාකච්ඡා කොට මෙම ලේකම් කාර්යාලය ඉදිරියේ දී කොළඹ කේන්ද්‍ර කරගනිමින් ස්ථාපනය කිරීමට කටයුතු කරන බව ඒ මහතා මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් නැඟු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
     
    ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූයේද යන්න පිළිබඳ ව නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ මෙම සමුළුවේ දී දකුණු ආසියානු කලාපයේ රටවල සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද යන්න සාකච්ඡා කිරීම වෙනුවෙන් පොදු වු කරුණු පමණක් මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවත් රටවල් දෙකක් සම්බන්ධයෙන් වූ කරුණු කාරණා මෙහිදී සාකච්ඡාවට නොගන්නා බවත් කීය. 
     
    ගාලු සංවාදය සඳහා රටවල් 36ක් නියෝජනය කරමින් නියෝජිතවරුන් 107ක් ද දේශීය නියෝජිතවරු 106ක් මේ සඳහා සහභාගි වී ඇත. පළමු දිනයේ ප්‍රධාන දේශනය කරමින් ඉන්දීය ආරක්ෂක ප්‍රධානී අජිත් දොවාල් මහතා ලංකාවේ සංවර්ධන කටයුතු අගය කිරීමට ලක් කළ බවත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya