ඒ අනුව ජනසෙත පෙරමුණ වෙනුවෙන් බත්තරමුල්ලේ සීලරතන හිමි, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය වෙනුවෙන් එම්.බී. තැමිණිමුල්ල, සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිංහ, සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන්ද, රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද, ආචාර්ය නාත් අමරකෝන් එක්සත් ලංකා මහා සභා පක්ෂය, විමල් ගීගනගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් පල්ලේ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන හා ස්වාධීන ව අයි.එම්. ඉල්යාස් මහත්වරු විසින් ඇප තැන්පත් කරනු ලැබ ඇත.
එළැඹෙන ජනාධිපතිවරණය 2015 ජනවාරි 08වැනි දින පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නන් සඳහා ඇප තැන්පත් කිරීම 05වනතුරු සහ 07දා පෙරවරු 8.30සිට මධ්‍යහ්න 12.00දක්වා ද සිදු කළ හැකි වේ.
DB