සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාමීන්වහන්සේ නමක් පලිගන්නා බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේධානන්ද හිමි අදහස් දක්වති Featured

    දෙසැම්බර් 03, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේතරම් බුදු දහමට සලකලා තිබිය දී මෙන් ම එවැනි ම ආකාරයෙන් සෙසු ආගම් සඳහා ද සලකා තිබියදී භික්ෂූන් වහන්සේ නමක් ජනාධිපතිතුමා කෙරෙහි වෛරයෙකින් කතා කරන්නේ නම් ඒ භික්ෂුවක් ද කියා ඇසිය යුතු යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
     
    පසුගිය දිනක ස්වාමීන්වහන්සේ නමක් මෙවර ජනාධිපතිවරණයේ දී හෝ එසේ නොහැකිවූවහොත් එළැඹෙන ආත්මයේ දී යක්ෂයෙකු හෝ වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පලිගන්නා බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උවහන්සේ මේ බව ඊයේ (02) සිටි එෆ්.එම්. ගුවන්විදුලිය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
     
    "ඒ වගේ මනුෂ්‍යෙයකුගෙන් පලිගන්නවා කියන්නේ මරණවා කියන එකනේ. එහෙම මරණ චේතනාවක් හට ගත්තා නම් ධර්මයේ හැටියට ධර්මානුකූලව එබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන අවස්ථාවේ දී ම මහණකම අවසන් වෙනවා. එතකොට මහණ කමක් නෑ. පෞද්ගලික ලබා ප්‍රයෝජන හෝ මොන ම ක්‍රමයක් නිසා හෝ භික්ෂුවක් වශයෙන් කිසි දවසක මේ වගේ ප්‍රකාශයක් සිදු කළ යුතු නො වේ. ධර්මයට අනුව එම ක්‍රියාව සම්පූර්ණයෙන් ම වැරදියි". 
     
    මේ වගේ ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු සිටී නම් එවැනි පුද්ගලයන්ට වඳින්න, දන්දෙන්න හොඳ නැහැ. සලකන්න හොඳ නෑ. උන්වහන්සේ සම්පූර්ණ ම පාපකාරී දුෂ්ඨ චරිතයක් ලෙස පැහැදිලි කර දිය හැකියි ධර්මානුකූලව. 
     
    1948 සිට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය එළැඹෙන තුරු මේ රටේ පහළ වු නායකයෝ මේ සිවුරට කළේ කෙනෙහෙළිකම්. එක්කෙනෙක් කිව්වා ආණ්ඩුව සරණං ගච්ඡාමි නොකියා භික්ෂූන්ට බුදුන් සරණ යන්න කියලා. තව කෙනෙක් කිව්වා භික්ෂූන් වහන්සේලාගේ හිසේ තාරගාන බව. පන්සල් පරෙස්සකම් කරගන්න අවශ්‍ය බව පැවසු අවස්ථාවක දී කීවා ගඩොල් ගොඩවල් උඩයි ගල් ගොඩවල් උඩයි හැපෙන්නේ නැති ව තමුසේ තමුසෙගෙ දිසා ඇමැතිකම පරිස්සකම් කරගන්නවා කියලා. මේ වගේ දුෂ්ඨකම් කරපු එක්සත් ජාතික පක්ෂය හා නායකයෝ කරපු දේවල් පිළිබඳ ව අපට හොඳට ඉතිහාසය මතකයි. එවැනි තත්ත්වයක් තිබිය දී පහළ වු මහින්ද රාජපක්ෂ නමැති මනුෂ්‍යයා ජනාධිපති හැටියට පමණක් නොව මනුෂ්‍යයෙකු හැටියටත් මේ තරම් මේ සිවුරට ආදරය කරපු ගෞරව කරපු සැලකිලි දක්වපු එක ම පුද්ගලයෙක් වත් සිංහල රජ කාලෙන් පසු මෙහි පහළ වූවාද? 
     
    ඉදිරියේ දී මෛත්‍රීපාල මහත්තයට සිදු වන්නේ ද පසුගිය වර සරත් ෆොන්සේකා මහත්තයට සිදු වූ දේ ම බව සඳහන් කරන උන්වහන්සේ ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත වාරයක් ශ්‍රීලනිපයට ඇවිල්ලා ජනාධිපතිතුමා සමග වැඩ කරන්න කියලා ඉතා ම ආදරයෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
     
    භික්ෂුවක් හැටියට දේශපාලනය සරණ යන්නට අවශ්‍ය නොවන බවත් දේශපාලනයට මගපෙන්විය යුතු බවත් පෙන්වා දෙන උන්වහන්සේ රජය කිරීමට මගපෙන්විය යුතු යැයි ද පෙන්වා දුන්හ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya