සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන්

    දෙසැම්බර් 02, 2014
    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අද (02) පවත්වන ලද කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) එම්.ඩී.ආර්. වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 260.00කි. එය පසුගිය නොවැම්බර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 263.21ක් විය.

    ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 258.50ක් වූ අතර එය පසුගිය නොවැම්බර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 258.78ක් විය.

    ආර්.එස්.එස්. 03, ආර්.එස්.එස්. 04  සහ ආර්.එස්.එස්. 05 වර්ග අද දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya