සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැ‍ඟෙනහිර සහ ඌව පළාත්වලට වැසි Featured

    දෙසැම්බර් 03, 2014

    අද (03) දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උදෑසන 5.30 වන මි.මී. 24.5ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 19.8ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 42.1ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 15.7ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 11.2ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 3.9ක වර්ෂාපතනයක් පොලොන්නරුව හා හම්බන්තොටින් ද මි.මී. 3.8ක වර්ෂාපතනයක් පුත්තලමින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C අනුරාධපුර හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.7°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.9°C නුවරඑළියෙන් ද මි.මී. 198.2ක උපරිම වර්ෂාපතනය ගම්පහ පස්යාල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya