සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ඡන්දදායකයා දේශපාලඥයාට වඩා ඉදිරියෙන්

    දෙසැම්බර් 02, 2014
    ලාංකීය ඡන්දදායකයා දේශපාලඥයාට වඩා ඉදිරියෙන් සිටින බව අපි පිළිගත යුතු දෙයක් ව පවතින බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මේ රට පාලනය කළ අනෙකුත් සියලු ජනාධිපතිවරුන් රටට කළ දේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කොට නොමැති බවත් මේ රට දෙකඩවීමට ඉඩ නොදී සියලු ජන කොටස්වලට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය ලබාදුන් ජාතික වීරවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂයන් මේ රටේ සියලු දෙනා දකින බවත් පෙන්වා දුන්නේය. 
     
    මෙහිදී අමාත්‍යවරයා විසින් පසුගිය ජනාධිපතිවරුන්ගේ කාලවකවානු තුළ දි සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳ ව ද කරුණු ගෙන හැර දැක්වීය.
     
    "චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලයේ දී සුනාමි සහන මණ්ඩලය හරහා වසර 10ක කාලයක් පුරාවට එල්ටීටීඊ සංවිධානය වෙත උතුරු නැගෙනහිර ප්‍රදේශ ඔවුන් වෙත පවරාදීමට කටයුතු කිරීමට සැරසෙන අවස්ථාවේ දී සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විදී බසින විට එය එසේ සිදුකිරීමට නොදෙන බවට පොරොන්දු වෙන්නට ගිය එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණයි. ඒ යුගය ඉවරයි. දැන් පස්වැනි ජනාධිපතිතුමාගේ කාලයයි පවතින්නේ". 
     
    "සන්ධානය විසින් උපනූපන් අනාගත දරුවන්ගේ සහ පරම්පරාවට විරුද්ධව ගත් එකදු තීරණයක් හෝ ඇත්නම්  ජනතාව බලාවි මේ රට භාරදිය යුත්තේ කාටද කියලා. ඒ නිසා ඒක බොහොම ප්‍රබුද්ධ ලෙස මේ රටේ ඡන්ද දායකයා දේශපාලඥයන්ට වඩා ඉදිරියෙන් සිටින බව මම සිතනවා".
     
    "මේ රට වර්තමානයේ දී වෙන කවරදාටත් වඩා සංවර්ධනයක් කරා ගමන් කොට තිබෙනවා. පසුගිය ජනාධිපතිවරුන්ගේ කාලවල පැවතියේ නිලා කූරු සංවර්ධනයක්". 
     
    නිලා කූරු සංවර්ධනය වෙනුවට දොළොස් මහේ පහන වගේ අනාගතයට එළිය දෙන සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ යුගයේ දී ඇතිවෙලා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya