සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාතික ආබාධිත දරුවන්ගේ ආරක්ෂණ ක්‍රියාවලිය දෙසැ: 05

    දෙසැම්බර් 03, 2014

    දකුණු ආසියාතික ආබාධිත දරුවන්ගේ ආරක්ෂණ ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා වූ වැඩපිළිවෙළ 2014 සමාරම්භක උත්සවය ලබන දෙසැම්බර් 05 වැනි දින පෙ.ව. 08.30ට වැල්ලවත්ත ඕසෝ (Ozo) හෝටලයේ දී පැවැත්වේ.

     

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ හා සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

     

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම් සහ සාක් සංවිධානයට අනුබද්ධිත ළමා හිංසනයට එරෙහි දකුණු ආසියාතික සහයෝගීතා සංවිධානයේ (SAIEVAC) ශ්‍රී ලංකා ප්‍රධානී එරික් ඉලයප්ආරච්චි, සාක් සංවිධානයට අනුබද්ධිත ළමා හිංසනයට එරෙහි දකුණු ආසියාතික සහයෝගීතා සංවිධානයේ (SAIEVAC) අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය රින්චන් චොපෙල් හා එම සංවිධානයේ නියෝජිතයින්, සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර් හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති සහ සාක් සංවිධානයට අනුබද්ධිත ළමා හිංසනයට එරෙහි දකුණු ආසියාතික සහයෝගීතා සංවිධානයේ (SAIEVAC) ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ අනෝමා දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක් වෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya