සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2005න් පසු විධායක ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නෑ

    දෙසැම්බර් 02, 2014
    2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැඟී බවත් එය පසුව පැමිණි අදහසක් බවත්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    පසුගිය දා සරත් එන්. සිල්වා මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රථමව ජනාධිපතිවරයා තෙවැනි වර ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා භාරගැනීම වැළැක්වීමට කටයුතු කළ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කිරීම හරහා විනිසුරුවරුන් 10 දෙනෙකු ඒ පිළිබඳ තීන්දුක් ලබාදීම හරහා එම අවස්ථාව ගිලිහී ගිය බව ප්‍රකාශ කොට ඇති බවද මෙහිදී අමාත්‍යවරයා සතිඅන්ත පුවත්පත උපුටා දක්වමින් කියා සිටියේය.
     
    "පෙරදී ජනතා විමුක්ති පෙරමුණට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න සටන් පාඨය වී තිබුණ ද මේ හේතු කාරණාවන් නිසා ඔවුන් මේ වන විට සිට සටන් පාඨය බවට පත් කොට ගෙන ඇත්තේ මහින්ද පරදවමු යන්නයි. ඊයේ එක්සත් ජනතා සන්ධානය විසින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඇපමුදල් තැන්පත් කරන ලද අතර ඒ වන විටත් ජනාධිපතිවරණය සඳහා සිව්දෙනෙකු ඇප තැන්පත් කර තිබී ඇත".
     
    "2004 වසරේ දී සන්ධානය පිහිටුවීම හරහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ආසන 38ක් ලබාගැනීමට හැකි විය. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් තරග කොට මේ වන විට හිමි ව ඇත්තේ ආසන 03ක් පමණකි. මේ සියලු දේ සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ මේ ආසන 03 රැකගැනීමටය". 
     
    2004 වසරේ දී සන්ධාන ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 14ක් සිටි බවත් තවත් පක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් සන්ධානය සමඟ සාකච්ඡා කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya