සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂකයාගෙන් අබමල් රේණුවක් තරම්වත් හානියක් නෑ

    දෙසැම්බර් 02, 2014
    පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වීම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අබමල් රේණුවක තරම් හෝ හානියක්, පාඩුවක් සිදු වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ඔවුන්ට ඇත්තේ පොදු අපේක්ෂකයෙක් පමණයි. ඔවුන්ට පක්ෂයක් හෝ ව්‍යවස්ථාවක් හෝ නොමැත. ප්‍රතිපත්ති ලෙසින් ඉදිරිපත් කරන කිසිවක් සිදු නොකළහොත් උසාවියට හෝ යාමේ අවස්ථාවක් නෑ. නමුත් සන්ධානය සතු ව ව්‍යවස්ථාවක් තිබෙනවා. පක්ෂයට පත්වෙන්නෙකු මෙන් ම ඉවත්වන්නෙකු සම්බන්ධයෙන් ද යම් ක්‍රමවේදයන් පවතිනවා. 
     
    පසුගිය දා පොලොන්නරුව මහජන රැලියේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිදහස් කළ පරෙවියා නැවත කූඩුව තුළට යාමෙන් කියැවෙන්නේ අනෙකුත් මහ ලේකම්වරුන් මෙන් නැවත ආපසු පක්ෂය සොයාගෙන ඒම බව වන්නට ඇතැයි ද මෙහිදී පෙන්වා දුන්නේය.
     
    විධායකය අහෝසි කිරීම, සමානුපාතික නියෝජන ක්‍රමය, 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය හා පෞද්ගලික වැටුප් වැඩිකිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කළ ද මේ සියලු දේ එකකට එකක් පරස්පර විරෝධී බව පෙන්වා දෙන අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා කියූ 10,000 බලා ගෙන නොව ජනාධිපතිතුමා දෙනවා කියූ 2,500 පිළිබඳ ව විශ්වාසය තබා ජනතාව ඡන්දය ලබා දුන් බවත් කීය. එලෙස මුදලක් එකවර වැඩිකිරීමට නොහැකි බව ජනාතාව අවබෝධ කර ගෙන සිටින බවත් පෙන්වා දුන්නේය.
     
    මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට වඩා එකදු ඡන්දයක් හෝ අඩුවෙන් ලබාගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය වරට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya