සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රස්තවාදී සංවිධාන පරාජය කළ ශී‍්‍ර ලංකා රජයට ගෞරව දැක්විය යුතුයි - ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක

    දෙසැම්බර් 02, 2014
    ඉන්දියානු සාගරයට තර්ජනයක් වූ එල්.ටී.ටී.ඊය විනාශ කිරීම ගැන ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රණාමය පුද කරන බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ (01) ගාල්ල, ලයිට් හවුස් හෝටලයේ පැවැති ගාලු කතිකාව - 2014 අන්තර්ජාතික නාගරික ආරක්ෂක සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වෙමින් පැවසීය.
     
    ත‍්‍රස්තවාදය තුරන් කර ලොවට ආදර්ශයක් ගෙන දෙමින් ලෝකයේ දරුණු ම ත‍්‍රස්තවාදී සංවිධානයට අභියෝගයක් එල්ල කිරීමේ භාරධූර කටයුත්ත පිටුපස වර්තමාන රජය සමඟ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කැපවීම දැඩි සේ අගය කිරීමට ලක්කරන බව ද ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශකවරයා පැවසීය.
     
    ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තර කර ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යා හැකි වන්නේ සියලු ම රටවල් එකට එකතු වී ත‍්‍රස්තවාදය විනාශ කිරීමට කටයුතු කිරීමෙන් මිස එක් එක් රටවල් තනි තනිව කටයුතු කිරීමෙන් නොවන බව ද අජිත් දොවාල් මහතා තවදුරටත් කරුණු අනාවරණය කළේය.
     
    ඉන්දීය සාගරයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම හරහා ඒ අවට සියලු ම රටවල්වල ආරක්ෂාව තහවුරු වන බව ද ඔහු කියා සිටියේය. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya