සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වලට ගිණුම්කරණ වාර්තාවක් සකස් කිරීම අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් Featured

    දෙසැම්බර් 02, 2014

    ලබන වර්ෂයේ සිට මහින්දෝදය ද්විතීයක පාසල් දහසේ හා සියලු ම ජාතික පාසල්වල ගිණුම්කරණ වාර්තාවක් සකස් කිරීමේ අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අ.පො.ස. උසස් පෙළ සමත්, ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ පුහුණුව ලත් ගණකශිල්පියා බැගින් එම පාසල්වල රැකියා අවස්ථාවක් ලබාදීමට යෝජනා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    2014 වසරේ හොඳ ම වාර්ෂික වාර්තාව සහ ගිණුම්කරණය තරගාවලියේ තිළිණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර එහිදී අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    මහින්ද චින්තන අධ්‍යාපන දැක්ම යටතේ දුප්පතුන්ට සෑබෑ හැරවුමක් ලබාදී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යතුමා අධ්‍යාපනය ගුණාත්මක බවින් ඉහළ මට්ටමට ගෙන ඒමට ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය වැනි ආයතනවලට ද වගකීමක් තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

    මේ වර්ෂයේ මේ තරගයෙන් පළමු ස්ථානය ලබා ගත්තේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය වන අතර කොළඹ රාජකීය විද්‍යාලය දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. තෙවැනි ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලය හිමි කර ගත්තේය. දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි ජාතික පාසල් අතර මෙම තරගාවලිය පැවැත්විණි.

    ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සභාපති ලලිත් ටී. ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya